කළුතරදී බන්ධනාගාර බස් රථයකට පහරදී පාතාල නායකයකු වන “සමයං” ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මාකඳුරේ මධුෂ් නමැත්තාව අත්අඩංගුවට ගැනීමට කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා ඊයේ (07) සවස වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා විසින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා ඉහත සඳහන් නියෝගය කර තිබේ.
No comments:
Post a Comment