Loading...
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප‍්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ මීමැදුම, බද්දේගම ලිපිනයේ පදිංචි අජිත් කුමාර (35) නැමැති අයයි.
ඇල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතාට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඕනෑම වර්ගයක ගිනි අවියක වීඩියෝවක්, පරිගණකයක් මගින් නිරීක්ෂණය කර එම ගිනි අවිය නිෂ්පාදනය කිරීමේ සුවිශේෂි හැකියාවක් සහිත අයෙකු බවද ඇල්පිටිය පොලිසිය කියයි.
සැකකරු සමග ගිනිඅවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ලේත් මැෂින් එකක්, වෙල්ඩින් ට‍්‍රාන්ස්ෆෝමරයක්, පරිගණක කොටස් තොගයක්, නිෂ්පාදනය කරන ලද ගිනිඅවි කොටස් විශාල ප‍්‍රමාණයක් හා නිෂ්පාදනය කරන ලද අංග සම්පූර්ණ ගිනි අවියක් ඇල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කිසිදා පාසැල් නොගිය අයෙකු බවත් එසේ තිබියදී පරිගණක භාවිතය සහ ගිනි අවි නිෂ්පාදනය පිළිබදව හසල දැනුමක් ලබාගෙන තිබෙන බවත් ඇල්පිටිය පොලිසියේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
සැකකරු කොපමණ කාලයක සිට ගිනි අවි නිෂ්පාදනය කරන්නේද යන්න පිළිබඳව සහ කොපමණ ගිනිඅවි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කර තිබෙන්නේද යන්න සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ බව ඇල්පිටිය පොලිසිය කියයි. සැකකරු විසින් නිෂ්පාදනය කරන ලද ගිනිඅවි අලෙවි කර ඇත්තේ කුමන පුද්ගලයින්ටද යන්න සම්බන්ධයෙන්ද සොයා බලන බව ඇල්පිටිය පොලිසියේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් ප‍්‍රසන්න සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ජනක සම්පත් යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.
-divina,

No comments:
Post a Comment