ආණ්ඩුවට එකතුවන්නැයි අගමැතිගෙන් ආරාධනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 4, 2019

ආණ්ඩුවට එකතුවන්නැයි අගමැතිගෙන් ආරාධනා

ආණ්ඩුවට එකතුවන්නැයි අගමැතිගෙන් ආරාධනා

එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබේ.

සතිඅන්තයේ දී අරලියගහ මන්දියේ පැවති ගම්පෙරළිය සහ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන් යළි ආරම්භ කිරිමේ දී වික්‍රමසිංහ මහතා මෙම විවෘත ආරාධනාව කර තිබේ.

“එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරිමට මා කැමතියි. අපි එකට වැඩ කරමු. අපි එකට එකතු වුණොත් කිසිවෙකුට නතර කළ නොහැකියි” එහිදී අග්‍රාමාත්‍යවරයා කීවේය.

“අපි 2015 දී විශාල අභියෝගයක් බාර ගත්තේ. එම වසරේ දී ලෝකයේ වඩාත්ම ණයගැති වු රට ලංකාවයි. කෙසේ වෙතත් අපි ඒ දේවල් කළමනාකරණය කරලා නැවත යථා තත්තවයට ගෙන ආවා.”

අපේ සැලසුම් සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපට කිසිවෙකු පරාජය කළ නොහැකි යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

No comments:

Post a Comment

Post Bottom Ad