වේයන්ගොඩ විනෝද උයනේ කතුරු ඔන්චිල්ලාව කඩා වැටී මව මරුට දියණියට බරපතලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 4, 2019

වේයන්ගොඩ විනෝද උයනේ කතුරු ඔන්චිල්ලාව කඩා වැටී මව මරුට දියණියට බරපතලයි

https://www.gossiplankanews.com/2019/02/veyangoda-naiwala-accident-mother-daughter.html#more
වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පිහිටා තිබෙන ‘නිව් සැනිරෝ ඩ්‍රීම් පැරඩයිස්‘ නමැති විනෝද උද්‍යානයේ  කතුරු ඔන්චිල්ලාවක කොටසක් කඩා වැටීමේ සිද්ධියක් නිසා අද (4) පෙරවරු 11 ට පමණ එහි ගමන් ගත් මව සහ ඇයගේ 13 හැවිරිදි දියණිය බරපතල තුවාල ලබා
ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදී මව මිය ගොස් තිබෙයි.

මරණයට පත්ව ඇත්තේ  දිස්නා ජානකී ගනේගොඩ නැමැති 47 වියැති සියඹලාපිටිය කොටුගොඩ පදිංචි කාන්තාවකි. අනතුරට පත් දැරිය ගම්පහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය පිලිබඳ පූර්ණ පොලිස් පරීක්ෂණයක් මේවනවිට ආරම්භ කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ කතුරු ඔංචිල්ලාවේ ක්‍රියාකරු ලෙස කටයුතු කළ පුද්ගලයාගෙන්ද පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad