රවීන්ද්‍ර යසස් දැන් සනීපෙන් බිරිය දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 2, 2019

රවීන්ද්‍ර යසස් දැන් සනීපෙන් බිරිය දන්වයි

පසුගියදා රිය අනතුරකට ලක්වීමෙන් පසු රෝහල් ගත කළ ප්‍රවීණ
වේදිකා නළු
හා පළාත් සභා මන්ත්‍රී රවීන්ද්‍ර යසස් කුමානායක මහතා දැන් සුවය ලබා ඇති බවත් ටික දිනකින් රෝහලින් පිටවනු ඇති බවත් ඔහුගේ බිරිය දන්වා තිබේ.
බන්ඩාරගම ගම්මංපිල ප්‍රදේශයේදී ඔහු පැදවූ රිය ගසක හැපී අනතුර සිදුවිය. ඉන් පසු ඔහු හොරණ මූලික රෝහලට ඇතුළත් කරන ලදි. එෆ් එම් නාලිකාවක පටිගත කිරීමක් සඳහා සහභාගී වීමෙන් පසු නැවත නිවසට යද්දී මෙම අනතුර සිදුවූ බව බිරිය දන්වා සිටී. තවත් වෛද්‍ය පරීක්ෂණ සිදු කල යුතු බවත් ටික කලක් ඔහු විවේක ගනු ඇති බවත් ඇය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad