පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ දැඩි ලෙස කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ MCC ගිවිසුමය.එනම් එනම් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ෂවයෙන් පැවති ආණ්ඩුවට දිගට හරහට ප්‍රහාර එල්ල වූයේ මෙම ගිවිසුමෙන් රටට බරපතළ ලෙස හානි සිදුවන බවත්,ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ වහාම මෙම ගිවිසුම ඉරා දමන බවටත් ය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මංත්‍රී ඩී වී චානක මහතා කියා සිටියේ පසුගිය ආණ්ඩුව MCC ගිවිසුමේ කොටස් දෙකක් අත්සන් කර ඇමරිකාවෙන් කෝටි 180 ලබාගෙන ඇති නිසා එකවර මෙම ගිවිසුම ඉරා විසිකළ නොහැකි බවයි.එසේ කළහොත් ඇමරිකාවට ජාත්‍යන්තර අධිකරණයකට වූවද යාහැකි බවද ඩීවී චානක හිටපු මංත්‍රීවරයා කියා සිටියා.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසුව මෙම ආණ්ඩුව MCC ගිවිසුම සම්බන්ධයෙන් පෙර පැවති ස්ථාවරය යම්තාක් දුරට වෙනස් වී එම ගිවිසුම පිළිබඳව මහජන අදහස් විමසීමට මෙන්ම ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක්ද පත් කළේය. පසුගියදා මෙම කමිටු වාර්ථාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් අතර එහිදී අනාවරණය වූයේ පසුගිග රජය විසින් MCC ගිවිසුමට අදාල තවත් ගිවිසුම් දෙකක් අත්සන් තබා ඇති බවත්,ඒ හරහා ඇමරිකානු රජය පැවති ආණ්ඩුවට මුදල්ද ලබාදී ඇති බවයි.කෙසේවෙතත් කිසිලෙසකින් එලෙස මුදල් ලබාදී නැති බව ඇමරිකාව යළි පවසා සිටියා.
එම අදහස් දැක්වු Video මෙතැනින්

No comments:
Post a Comment