ශවේන්ද්‍ර ජිනීවා ගෙන යන්න සුමන්තිරන් දැඩි වෙහෙසක - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 1, 2019

ශවේන්ද්‍ර ජිනීවා ගෙන යන්න සුමන්තිරන් දැඩි වෙහෙසක

Loading...


යුද හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන යැමට ද්‍රවිඩ සන්ධානය සැලසුම් කර ඇත.
මේ සඳහා එම කවුන්සිලය වෙත යෝජනාවක්‌ ගෙන එන බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් ප්‍රකාශ කර තිබේ.
සිදුවූ බව කියන යුද අපරාධවලට ඔහු සම්බන්ධ බවට වාර්තා වී ඇති නිසා රජය ඔහුට යුද හමුදාවේ ඉහළම පුටුවකට පත් කිරීමට කටයුතු කර ඇති බව මානව හිමිකම් කවුන්සිලය හමුවේ පෙන්නුම් කරන බවත් සුමන්තිරන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ උපදේශිකා යස්‌මින් සුකා මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ හමුවේ පිටු 137 ක වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් පැමිණිල්ලක්‌ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad