Loading...
විවාහ වී ඉතාලියට රැගෙන යන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයන්ගෙන් වංචනික ලෙස මුදල් ලබාගන්නා සංවිධානාත්මක කණ්‌ඩායමක ප්‍රධාන සැකකාරිය මාරවිල පොලිසියේ විශේෂ කාර්යාංශය මඟින් පෙරේදා (31 දා) අත්අඩංගුවටට ගැනීමට සමත් විය.
මෙසේ මුදල් ලබාගත් තරුණයන් විසින් මාරවිල පොලිසිය හමුවේ සිදු කළ පැමිණිලිවලට අනුව පැවති විමර්ශන වලදී මාරවිල පොලිස් වසමට අයත් කටුනේරිය ප්‍රදේශයේදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
මාරවිල, නාත්තන්ඩිය, මහවැව, වෙන්නප්පුව, මාතර සහ හම්බන්තොට යන ප්‍රදේශවල තරුණයන්ගෙන් මෙසේ රුපියල් ලක්‌ෂ ගණනාවක් ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඉතාලියට යැමට එක් පුද්ගලයකුගෙන් රුපියල් ලක්‌ෂ 16 ක මුදලක් ලබාගන්නා බව පවසා විවාහ රෙජිස්‌ට්‍රාර්වරයකු හමුවේ විවාහ වූ පසු සෙසු ලියකියෑවිලි ලැබෙන තුරු අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්‌ෂ 5 ත් 8 ත් අතර මුදලක් අදාළ පුද්ගලයාගෙන් ලබාගෙන සැකකාරිය ඔහුව මඟ හැර යන බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් පසු විවාහ වී මුදල් ලබාදුන් තරුණයන් කිහිප දෙනෙක් විවාහ සහතික හා අදාළ ලියකියෑවිලි රැගෙන මාරවිල පොලිසියට පැමිණ ඇති බව දක්‌නට ලැබිණි. වයස අවුරුදු තිස් දෙකක් වන මෙම තරුණිය දංකොටුව ප්‍රදේශයේ පදිංචි අතර ඇය ඉතාලියේ වසර ගණනාවක් සේවය කර ඇති බව පවසමින් ව්‍යාජ නමකින් පෙනී සිටිමින් හා ව්‍යාජ ගුවන් බලපත්‍ර පෙන්වා මෙම ජාවාරම සිදුකර තිබේ.
මෙම ජාවාරමට සම්බන්ධ තරුණයන් සිවු දෙනෙක් හා තරුණියක් මීට පෙර ද මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. මාරවිල පොලිසිය පරීක්‌ෂණ සිදු කරයි.
-දිවයින පුවත්පත

No comments:
Post a Comment