පෙම් සබඳතාව බිඳී කලකිරුණ පොලිස් නිලධාරියා මහරගම පොලිසියේ කැන්ටිමේදී වෙඩිතබාගෙන දිවිනසාගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 27, 2019

පෙම් සබඳතාව බිඳී කලකිරුණ පොලිස් නිලධාරියා මහරගම පොලිසියේ කැන්ටිමේදී වෙඩිතබාගෙන දිවිනසාගනී

https://www.gossiplankanews.com/2019/02/maharagama-police-death.html#more
ද (28) උදෑසන මහරගම පොලිස් ස්ථානය තුළදී පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට වාර්තා වෙයි.
මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව
රාජකාරී කළ මෙම පොලිස්

කොස්තාපල්වරයා උදේ 09.45 ට පමණ  පොලිස් ස්ථානයේ ආපනශාලාව අසළදී රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබා ගෙන සියදිවි නසා ගෙන ඇත.
මෙලෙස මියගියේ වයස අවුරුදු 29 ක් වූ නො 811, තලාව අනුරාධපුර ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේල්ලාගේ මනෝජ් දිසානායක නමැත්තෙකි.
 ප්‍රේම සම්බන්ධතාවයක් බිඳීයාම නිසා ඇතිවූ කලකිරිමෙන් ඔහු පසුවූ බවට වාර්තාවී තිබේ.

මෘතශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධව මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad