අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර - ගමනාගමනයටත් බාධා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 27, 2019

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර - ගමනාගමනයටත් බාධා

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර - ගමනාගමනයටත් බාධා

ලංකා ගුරු සේවා සංගමය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

විරෝධතාකරුවෝ පාගමනින් අධ්‍යාපන අමාත්‍යංශය අසළට පැමිණි අතර එම විරෝධතාවයට ජල ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙයි.

ගුරු හා විදුහල්පති සේවාවන්ට වසර 22ක කාලයක සිට පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සහ මාස 30ක හිඟ වැටුප් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

මෙම විරෝධතාවයක් හේතුවෙන් බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශය දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad