Loading...
මෙරට ප්‍රථම වරට නිපදවන ලද යුද උපකරණ කිහිපයක් 71 වැනි ජාතික නිදහස් දින උළෙලේදී ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආචාර පෙළපාළියේදී ගෙන යෑමට නියමිත බවත් එම යුද උපකරණ නිර්මාණය කරන ලද ආචාර්ය චන්දන පෙරේරා, බි්‍රගේඩියර් ආචාර්ය තිරාන් ද සිල්වා යන නිලධාරීන් ඇතුළු ශිල්පීන් හට තමා සුබපතන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ "මව්බිම"ට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
තම ආණ්ඩුව පැවැති කාලයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි මෙම යුද උපකරණ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය විශේෂඥ උපදෙස් සහ පුහුණුව අදාළ නිලධාරීන් හට ලබාදුන් බවත්, ප්‍රථම වරට අප රට තුළ මේ ආකාරයේ යුධෝපකරණ නිෂ්පාදනය කිරීම විශේෂ අවස්ථාවක් බවත් විපක්ෂ නායකයා පෙන්වා දෙයි.
මේ ආකාරයට ශ්‍රී ලාංකික ශිල්පීන් නිර්මාණය කරන ලද මිසයිලයක්, මල්ටිබැරල් රොකට් ආදිය 71 වැනි ජාතික නිදහස් දින උත්සවයේ ආචාර පෙළපාළියට එක් කිරීමට නියමිත බව වාර්තා වේ.
-මවිබිම පුවත්පත
No comments:
Post a Comment