සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කළ පරීක්‍ෂණවලදී නවසීලන්ත කිරිපිටිවල කිරි හා මේදය හැරෙන්නට ඌරු තෙල් හෝ එළවළු තෙල් හෝ අඩංගු නොමැති බව ඔප්පු වී ඇති බවත් මේ නිසා එම විද්‍යාත්මක පරීක්‍ෂණ පිළිගෙන කිරිපිටි සම්බන්ධයෙන් බොරු දේශපාලන සටන් පාඨ ඉදිරිපත් කිරීමෙන් වැළැකිය යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති වෛද්‍ය, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අත්‍යවශ්‍ය නම් කිරිපිටි තහනම් කළ හැකි වුවත් දේශීය දියර කිරි නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොවීම නිසා එය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද ඇමැතිවරයා කීවේය.
දේශීයව දියර කිරි නිෂ්පාදනය කරනුයේ සියයට 10 ක් වන අතර සියයට 90 ක්ම කිරිපිටි භාවිත කරන බව අනාවරණය වී ඇතැයිද දියර කිරි අවශ්‍යතාව සපුරා නොගෙන දරුවන්ට කිරිපිටි ලබාදීම නැවැත්වීම ගැටලූවක් බවද හෙතෙම අවධාරණය කළේය.
කිරිපිටි සම්බන්ධයෙන් කරන දේශපාලන සටන් පාඨ නිසා රට විනාශ වනවා. ඒ බොරු දේශපාලනයයි. මම විද්‍යාව හැදෑරූ කෙනෙක්. යමක් පිළිගන්නේ විද්‍යාත්මකව ඔප්පු කළොත් විතරයි. නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටිවල අඩංගු කිරි හා මේදය පමණක් බව හෙළිවී තිබෙනවා යැයි ඇමැතිවරයා කීවේය.
ඉන්දියාවේ අමුල් සමාගමේ ක‍්‍රමවේදයට අනුව ගම් මට්ටමින් දියර කිරි භාවිතය හුරු කළයුතු බවට තමා අගමැතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Tuesday, February 19, 2019
Home
ප්රවෘත්ති
"ඌරු තෙල්, එළවළු තෙල් නැති බව පරීක්‍ෂණවලින් ඔප්පු වුණා - කිරිපිටි පිළිබඳව බොරු දේශපාලන සටන් පාඨ එපා" - රාජිත
"ඌරු තෙල්, එළවළු තෙල් නැති බව පරීක්‍ෂණවලින් ඔප්පු වුණා - කිරිපිටි පිළිබඳව බොරු දේශපාලන සටන් පාඨ එපා" - රාජිත
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment