මදුෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාතාල කිරුළට සන්නද්ධ කල්ලි අතර ගැටුම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 19, 2019

මදුෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාතාල කිරුළට සන්නද්ධ කල්ලි අතර ගැටුම්

මදුෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාතාල කිරුළට සන්නද්ධ කල්ලි අතර ගැටුම්

මෙරට පාතාලයේ ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් නමැත්තා අත්අඩංගුවට පත්වීමෙන් පසු මෙරට පාතාල කිරුළ තමන් වෙත ලබා ගැනීම සඳහා පාතාල නායකයන් කීපදෙනකු එකිනෙකා මරා ගැනීමේ සටනක යෙදී සිටින බවට තොරතුරු පොලිස් බුද්ධි අංශ වෙත ලැබී ඇත. 

පසුගිය දිනවල කොළඹ නගරය ඇතුළු ප‍්‍රදේශ කීපයක සිදුවූ වෙඩිතැබීම් සහ මිනිස් ඝාතනවලට හේතුව පාතාල කිරුළ ලබාගැනීම සඳහා මෙම සන්නද්ධ කල්ලි අතර ඇති ගැටුම් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසෙල්වත්තේ දිනුක, කොස්ගොඩ සුජී මෙම පාතාල කිරුළ සඳහා වූ ගැටුමේ ඉදිරියෙන්ම සිටින බවද වාර්තා වෙයි.

පිටකොටුව කෙසෙල්වත්තේ නිවසක් අසල සිටි තරුණයකුට පෙරේදා රාති‍්‍ර වෙඩිතබා බරපතළ තුවාල කර තිබුණේ ද දිනුකගේ කල්ලියේ සාමාජිකයන් විසින් බවට හෙළිවී ඇත.

තම විරුද්ධවාදීන් සොයමින් ඔවුන්ට ප‍්‍රහාර එල්ල කර පාතාල භීෂණයක් වපුරුවා හෝ පාතාල කිරුළ තමන් වෙත ලබාගැනීමට කෙසෙල්වත්තේ දිනුක කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

පාතාල නායක මධුෂ්ගේ කල්ලියේ සාමාජිකයන් ද තම කල්ලියට එක් කර ගැනීමට කෙසෙල්වත්තේ දිනුක කි‍්‍රයාකරමින් සිටින බව බුද්ධි අංශ පවසයි.

මාකඳුරේ මධුෂ්ට තවත් දීර්ඝ කාලයකට ඩුබායි අත්අඩංගුවෙන් මිදී පැමිණීමට නොහැකි බව කියමින් මෙම පාතාල නායකයන් තම කල්ලි ශක්තිමත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බවද බුද්ධි අංශ කියා සිටියි.

(දිවයින)

No comments:

Post a Comment

Post Bottom Ad