මධූෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්-එස්.ටී.එෆ් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

මධූෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්-එස්.ටී.එෆ් කියයි

ඩුබායිහි දැනට ක්‍රියාත්මක නීතිය අනුව පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමිවනු ඇතැයි පොලිසි විශේෂ කාර්ය බළකායේ (එස්.ටී.එෆ්.) ප්‍රධානිහු පවසති.

මත්ද්‍රව්‍ය පාවිච්චියට අමතරව තවත් චෝදනා  රැසකට මධුෂ් වැරදිකරුවකු වී සිටින බවත්, ඩුබායි රාජ්‍යයේ මහජන අභිචෝදක (Public Prosecutor) විසින් 23 වැනිදා හෝ ඊට පෙර තීන්දුව ප්‍රකාශයට පත්  කරනු ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බළකායේ  උසස්
නිලධාරියෙක් ඊයේ පැවසිය.

මධූෂ්ට විරුද්ධව මෙරටේ ඇති චෝදනා හා ඔහු වෙනුවෙන් මෙරට අධිකරණය ගෙන තිබූ ක්‍රියාමාර්ග පිළිබඳව ඩුබායිහි බ(ර්) ඩුබායි පොලිසිය පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානීන්ගෙන් කරුණු විමසූ බව කී එම ප්‍රධානියා. මේ අනුව ඒ පිළිබඳ විස්තර වාර්තාවක් ඩුබායි පොලිසියට බාර දුන් බව ද ප්‍රකාශ කළේය.

මේ අතර මධූෂ්ගේ ඩුබායි සාදයට සහභාගි වී සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ ජනප්‍රිය ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නව පරපුරේ ගායක නදිමාල් පෙරේරා සම්බන්ධයෙන් කළ විමසුමකදි පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානියා පැවසුවේ. ඩුබායි මහජන අභිචෝදක විසින් ඒ දෙදෙනා සමබන්ධයෙන්ද ඉදිරි සතියේදී තිරණයක් ගනු ඇති බවයි. එම දෙදෙනා ද මත්ද්‍රව්‍ය පාවිච්චි කර සිටි බවට පරීක්ෂණවලදී මෙයට පෙර තොරතුරු හෙළිවී තිබිණ.

-සුජිත් හේවාජුලිගේ-

No comments:

Post a Comment

Post Bottom Ad