"එක නායකයෙකුගෙන් බැරි වුණොත් නායකයෝ දෙන්නෙක් හදනවා" - ඉසුර - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

"එක නායකයෙකුගෙන් බැරි වුණොත් නායකයෝ දෙන්නෙක් හදනවා" - ඉසුර

එක් නායකයෙකු යටතේ ගැටළු විසඳා ගැනීමට නොහැකි වුවහොත්, නායකයින් දෙදෙනෙකු යටතේ හෝ ඉදිරියේ එන ඕනෑම දේශපාලන සටනකට සූදානම් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

සියලු පක්ෂ එකතු කර ගනිමින් දැවැන්ත යුඑන්පී විරෝධී විශාල ජනතා බලවේගයක් සකස් කරමින් තිබෙන බවත්, ඒ තුළින් ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයකට ඉතා ශක්තිමත්ව තරග කිරීමට හැකියාව ලැබෙන බව ද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදු ජන පෙරමුණ අතර, මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීමේ දී  යම් අර්බුදයක් පවතින බවත්, නමුත් අවසානයේ දී සියලු දෙනා එක තීන්දුවකට, එක නායකත්වයකට පැමිණෙන බව ද ඉසුර දේවප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad