සෙරීනා විළියම්ස්ට ඇන්ද කාටූනය ගැන ආන්දෝලනයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

සෙරීනා විළියම්ස්ට ඇන්ද කාටූනය ගැන ආන්දෝලනයක්



2018 සැප්තැම්බර් මාසයේ සුප්‍රකට ටෙනිස් ක්‍රීඩිකා සෙරිනා විලියම්ස් හා නයෝමි ඔසාකා අතර පැවති අවසාන ඇමරිකානු විවෘත ටෙනිස් තරඟයේදී සෙරිනා පැරදීමෙන් පසු ටෙනිස් පිටියේදී ඇය විනිසුරුවරයා සොරෙකු
බවට හා ලිංගිකත්වයේ විනිසුරුවරයෙකු බවට චෝදනා කළාය.
මේ ගැන
ඕස්ට්‍රෙලියාවේ පළවන හෙරල්ඩ් සන් පුවත්පතේ කාටූන් චිත්‍ර ශිල්පී මාර්ක් නයිට් ඇඳ තිබුණ උපහාසාත්මක කාටූනය දැඩි කථාබහකට ලක්විය.
මෙම කාටූනය ජනමාධ්‍ය උපමාන උල්ලංඝණය කර ඇතැයි කියමින් පැමිණිලි කෙරුණ නමුත් එවැන්නක් සිදුව නැතැයි ඔස්ට්‍රේලියානු පුවත්පත් කවුන්සිලය ඊයේ ප්‍රකාශ කළේ ය.
සෙරීනා විලියම්ස් කැඩුන ටෙනිස් රැකට්ටුවක් මතට කේන්ති සහගතව උඩ පනිමින් සිටින අයුරු දැක්වෙන ඇය අසළ සූප්පුවක්ද තිබූ අතර පසුපසින් විනිසුරුවරයා නයෝමි අමතමින් “ඔබට පුලුවන්ද ඇයට දිනන්න දෙන්න” යනුවෙන් විමසා තිබුණි.
 අප්‍රිකානු – ඇමෙරිකානු සම්භවය සහිත මිනිසුන් හාස්‍යයට ලක් කිරීම සඳහා මෙය යොදාගත් බවට විවේචන මතුවීමෙන් පසු පැමිණිල්ල කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad