මින් පසු මගී බස්රථ වල දාන සිංදු තිරණය කරන්නේ රජය - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 25, 2019

මින් පසු මගී බස්රථ වල දාන සිංදු තිරණය කරන්නේ රජය


මින් ඉදිරියට බස් රථ තුළ ප්‍රචාරය කල හැකි වනුයේ ජාතික ගමනාගමන කොමිසමේ අනුමැතිය හිමිවන

විඩියෝ පට සහ ගීත පමණක් බව
ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. දිගින් දිගටම මගීන් ගෙන් එල්ලවන චෝදනා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.
එසේම බස් රථ රියදුරන් වෙනුවෙන් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර
තිබේ. රථවාහන වැරදි ආදී ක්‍රියා අවම කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව එම කොමිසමේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා සඳහන් කළේය.
මීට අමතරව බහුලව වැරදි සිදුකරන රියදුරන් හඳුනාගනිමින් ඔවුන්ට ගමනාගමන කොමිසමෙන් ලබාදෙන බලපත්‍රය නැවත අලුත් නොකිරීමට ද එහිදී පියවර ගන්නා බව සභාපතිවරයා පවසා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad