ජලාශයේ පාවෙමින් තිබූ පාසල් සිසුවියගේ මළ සිරුර සොයාගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 4, 2019

ජලාශයේ පාවෙමින් තිබූ පාසල් සිසුවියගේ මළ සිරුර සොයාගනී

https://www.gossiplankanews.com/2019/02/maskeliya-dead-body-found.html#more
ස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබූ තරුණියකගේ මළ සිරුරක් මස්කෙළිය පොලීසිය මගින් අද (04) පෙරවරු 09.30 ට පමණ සොයාගනු ලැබීය.
දින තුනක් තිස්සේ නිවසින් අතුරුදන්ව සිට ඇති බව කියන මෙම තරුණිය
මස්කෙළිය, ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ පදිංචිව සිටි 

16 හැවිරිදි සෞන්දර්රාජ් ගීතලා නමැති පාසල්  සිසුවියකගේය.මෙම තරුණිය  මස්කෙළිය ශාන්ත ජෝෂප් දෙමළ මහා විද්‍යාලයේ ඉකුත් වසරේ දෙසැම්බර් මස අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටි අයෙකි.

මළ සිරුර ඇයගේ බවට ඇගේ දෙමව්පියන් විසින් හඳුනාගෙන ඇත. මෙම තරුණිය අතුරුදන්ව ඇති බවට ඇගේ දෙමව්පියන් විසින් මස්කෙළිය පොලීසියට පැමිණිළි කර තිබුණ පසු ඇය සොයා මෙහෙයුම් ආරම්භ කරන ලදි.

මරණය සිදුවූ ආකාරය ගැන තවම පරීක්ෂණ සිදුවේ.
(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)









No comments:

Post a Comment

Post Bottom Ad