ඉන්දියාව පකිස්තානය අතර නැවත යුද තත්වයක් - ක්‍රිකට් තහනම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

ඉන්දියාව පකිස්තානය අතර නැවත යුද තත්වයක් - ක්‍රිකට් තහනම්


පසුගියදා ඉන්දියාවේ පුල්වාමා හි පකිස්තානය සිදු කළ බව කියන ත්‍රස්ත ප්‍රහාරය සමග ඉන්දියාව හා පකිස්තානය අතර නැවත විරසකභාවයක් හටගෙන ඇති අතර ප්‍රතිප්‍රහාර දීම් ඇරඹී තිබේ.
පසුගිය පෙබරවාරි 14 වැනි දින කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයක්වන පුල්වාමා හි ඉන්දීය ආරක්ෂක භට පිරිසකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එම ප්‍රහාරයේ වගකීම භාරගනු ලැබුවේ පාකිස්තානය නිජබිම කරගත් ජෙයිශ් - ඊ - මොහොමඩ් ත්‍රස්ත කණ්ඩායමයි.
ඉන් පසුව ඉන්දියානු ගුවන් හමුදාව කාශ්මීරයේ පාකිස්තාන පාලන ප්‍රදේශයෙහි පිහිටි ත්‍රස්ත කඳවුරක් යයි සැක කෙරෙන ස්ථානයකට පහර දී තිබුණි.
මිරාජ්-2000 වර්ගයේ ගුවන් යානා 12 ක් මගින් කිලෝ ග්‍රෑම් 1000 බෝම්බ එම ස්ථානයට පතිත කළ බව ඉන්දියාව පවසා තිබුනි.
මෙම කඳවුර සම්පූර්ණයෙන් විනාශ කළ බව ඉන්දීය ගුවන් හමුදාව කියා සිටියා.
මෙයට ප්‍රතිප්‍රහාර ලෙස ඉන්දීය දේශසීමාව ආසන්නයට පාකිස්තානයේ ආරක්ෂක අංශ විසින් මෝටාර් සහ සුළු අවි ප්‍රහාරයක්
එල්ලකර ඇති බව අද 27 වාර්තා විය. මෙම ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළුන් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තාවේ.

සිවිල් වැසියන්ගේ නිවාස කිහිපයකටද ශෙල් වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.පකිස්තානය හා ඉන්දියාව වෙන්කරන කාශ්මීර දේශසීමාවේ සුළුපරිමාණ ගැටුම් නිරන්තර වාර්තාවන අතර 1947, 1965, 1971 හා 1999 ඉන්දියාව හා පකිස්තානය අතර මහා පරිමාණ යුද තත්ව ඇතිව තිබේ.
 න්‍යෂ්ටික අවි බලයෙන් සන්නද්ධ ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගතව ඇති ගැටුම්කාරී වාතාවරණය තුළ දෙරටේ ක්‍රීඩාවටද බලපෑම් එල්ලව තිබෙන අතර එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරගයට සහභාගි
නොවීමට දැනටමත් තීරණය කර ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad