මධුෂ් සමඟ සිටි රංගන ශිල්පියාගේ මෝටර් රථය කේරල ගංජා සමඟ හමුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 9, 2019

මධුෂ් සමඟ සිටි රංගන ශිල්පියාගේ මෝටර් රථය කේරල ගංජා සමඟ හමුවෙයි

මධුෂ් සමඟ සිටි රංගන ශිල්පියාගේ මෝටර් රථය කේරල ගංජා සමඟ හමුවෙයි

පසුගියදා ඩුබායිහිදි මාකඳුරේ මදුෂ් නමැති පාතාල කල්ලි නායකයා සමඟින් අත්අඩංගුවට පත් රංගන ශිල්පී රයන් වැන්රෝවන් භාවිතා කරන ලද මෝටර් රථය මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක රඳවා තිබියදී වැලිගම ⁣මූලස්ථාන පොලීසිය විසින් ඊයේ (08) සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෝටර් රථය රයන් විසින් භාවිතා කරන ලද මෝටර් රථය බවට ඩුබායිහිදි අත්අඩංගුවට පත් සුරන්ජි සුද්දා නොහොත් අමිල ප්‍රසංග හෙට්ටිගේ ගේ සහෝදරයා විසින් පොලීසියට ප්‍රකාශයක් ලබාදී තිබෙන අතර මෙම මෝටර්රථය වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි කර ඇත. එම මෝටර් රථයේ තිබී කේරල ගංජා මිලිග්‍රෑම් 5750 ක් හමුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad