ඔන්ලයින් අරක්කු බෙදීම නවත්වයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 17, 2021

ඔන්ලයින් අරක්කු බෙදීම නවත්වයි !

මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රජයෙන් කළ ඉල්ලීමට ඉඩ නොදීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.

දිවයින පුරා තෝරාගත් සුපිරි වෙළඳසල් හා තැබෑරුම් හරහා මෙසේ මාර්ගගත ආකාරයට මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව රජයෙන් අවසර ඉල්ලා තිබිණි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කළ මෙම ඉල්ලීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී තිබුණ ද රජය විසින් එම තීරණය අවලංගු කර ඇති බව පැවසේ.

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ මත්පැන් අලෙවිසල් වසා දමා ඒවාට මුද්‍රා තබා ඇති මොහොතක මර්ගගත ක්‍රමය යටතේ මත්පැන් අලෙවිය නුසුදුසු බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබිණි.

-කීර්ති ප්‍රනාන්දු


No comments:

Post a Comment

Post Bottom Ad