අද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය හමුවන මංගල ඇයට වෙනත් තනතුරක් දෙනවලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 4, 2019

අද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය හමුවන මංගල ඇයට වෙනත් තනතුරක් දෙනවලු


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එල්.එස්. චාල්ස් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ  මුදල් අමාත්‍යංශයේදී අද (5) පැවැත්වීමට නියමිතය.
චාල්ස් මහත්මිය යළිත් රේගු අධ්‍යක්ෂ
ජනරාල් ධුරයට පත්කරන ලෙස ඉල්ලා  වෘත්තීය සමිති දැනට පත්වාගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගයට මෙම හමුවෙන් විසදුමක් ලැබෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.  කෙසේ වෙතන් චාල්ස් මහත්මියට යළිත් රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය ලබාදීමක් ගැන එහිදී සාකච්ඡා නොවනු ඇති බව ද ඇයට මහා භාණ්ඩාගාරයේ ඉහළ තනතුරක් ලබාදීමට| එහිදී මුදල් අමාත්‍යවරයා යෝජනා කරනු ඇතැයි ද ආරංචී මාර්ගවලින් පැවැසේ.

මේ අතර මහා භාණ්ඩාගාරයේ අතිරේක ලේකම් තනතුරක් සහ අධ්‍යක්ෂ ජනරාල් තනතුරු දෙකක් මේ වනවිට පුරප්පාඩු  වී තිබේ.

(රංජන් කස්තුරි)

No comments:

Post a Comment

Post Bottom Ad