මෙගන් මාර්කල්ට ලැබෙන්නේ පුතෙක් බව හෙළි කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 27, 2019

මෙගන් මාර්කල්ට ලැබෙන්නේ පුතෙක් බව හෙළි කරලා


බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ අලුත බැන්ද බිරිය මෙගන් මාකල් ලබන අප්‍රේල් මස සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සිදු කිරීම මේ වනවිට විදෙස් මාධ්‍ය තුළ විශාල කථාබහකට ලක්වන මාතෘකාවක්, මීට ටික දිනකට පෙර
ඇය ඇමරිකාවේ නිව්යොර්ක් නුවරදී

ඇගේ හොලිවුඩ් මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු හා එක්ව ඉපදෙන්න ඉන්න දරුවා වෙනුවෙන් පවත්වන තෑගි සාද ( 'බේබි ෂවර්') චාරිත්‍රයද සිදු කර තිබූ අතර ඇගේ හොඳම මිතුරිය බව පැවසෙන

 Abigail Spencer මෙම සාදය පැවති හෝටලය වෙත ගමන් කරද්දී එළිකරවූ රහසක් මේ වනවිට ඇමරිකානු මාධ්‍ය තුළ කථාබහක් ඇති කර තිබේ. ඇය පවසන පරිදි මෙගන්ට ලැබෙන්නේ පිරිමි දරුවෙකි. එය ස්කෑන් පරීක්ෂණයෙන් හෙළිව ඇත.

කෙසේ වෙතත් එම කාරණාව රහසක් වශයෙන් තබාගැනීම සාමාන්‍ය සම්ප්‍රදාය වන නිසා මාධ්‍ය වෙත හෙළි කර නැත. නමුත් මෙගන් සිය මිතුරියන්ට ඒ රහස හෙළි කර ඇති අතර ඇගේ මිතුරියන් සාදයට ගමන් කරද්දී පිරිමි දරුවෙකුට ගැළපෙන තෑගි නිල් පැහැති කවරවලින් සරසා ගෙනගොස් ලබාදී ඇත




No comments:

Post a Comment

Post Bottom Ad