පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් පාවිච්චි කරන බව කියා ඇත්තේ නළුවකු වන රාජ්‍ය අමාත්‍යවරයෙකු බැවින් එය නළුගමට විහිළුවට කිව්වාදැයි තමන් නොදන්නා බවත් තමන් නම් ඕනෑම මොහොතක ලේ පරීක්ෂා කිරීමට සූදානම් බවත් ජල සම්පත් හා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා කිය.
අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නා හිමියන් විහාරාධිපතීත්ව දරණ කටුගස්තොට ගොහාගොඩ ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථ ශ්‍රී රතනපාල දහම් පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානයට එක්වෙමන් රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා එසේ කීය.
මහියංගණය රජා මහා විහාරාධිපති අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභා සභික පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ 24 සවස මෙම උත්සවය පැවැත්විණ.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා මෙසේද කීය.
"මේ දවස්වල පාර්ලිමේන්තු මැති ඇමතිවරු ගැන විවිධ කතා පවතිනවා.රාජ්‍ය අමාත්‍යවරයෙක් පසුගියදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර තිබුණා පාර්ලිමේන්තුවේ කොකේන් බොන අය ඉන්නවා කියලා.මේවා කණගාටුවට කරුණක්.ඒකේ ඇත්ත නත්ත මම කියන්න යන්නේ නෑ .මොකද ඒ ගැන දන්නේ නෑ. නමුත් එතුමා කළ කතාව තුල ලොකු ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. මේක එතුමා විහිළුවට කිව්ව කතාවක්ද දන්නෙත් නෑ. මොකද එතුමා නළුවෙක්නේ. ඒ නිසා නළුවෙක් විදිහට කරපු ප්‍රකාශයක්ද දන්නෙත් නෑ. ඒ තුල අපිත් දැඩි අපහසුතාවයට පත් වෙනවා.මන්ත්‍රීවරු අහනවා අපටත් ලේ දෙන්න වෙයිද කියලා. අපිනම් බය නෑ ලේ දෙන්න මොකද කොකේන් තියා කිසිම මත්ද්‍රව්‍යක් ගැන දන්නේ නැති මිනිස්සු අපි"
(මොහොමඩ් ආසික්)
No comments:
Post a Comment