විශාලතම හෙරොයින් තොගය ජනපති නිරීක්ෂණයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 24, 2019

විශාලතම හෙරොයින් තොගය ජනපති නිරීක්ෂණයට

මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පැමිණියේය.

එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැටලීම සිදුකළ නිලධාරීන්ට ස්තූතිය පළ කර සිටි අතර මෙම ක්‍රියාව අනාගත දූ දරුවන් වෙනුවෙන් කළ උදාර මෙහෙවරක් බවටද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ඉදිරියේදී සිදුකරන මෙවන් මෙහෙවර
වෙනුවෙන් තම පූර්ණ සහය සහ ආශිර්වාදය නිරන්තරයෙන් ලබාදනෙ බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
මෙරට ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගනු ලැබූ මෙම විශාලතම හෙරොයින් තොගය වන රුපියල් මිලියන 2945 ක් වටිනා හෙරොයින් කිලෝ 294 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.ඒ.සී ධනපාල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා පසුගිය වැටලීම්වලට අදාළ තොරතුරු ද නිරික්ෂණය කරනු ලැබීය.



No comments:

Post a Comment

Post Bottom Ad