රියැලිටි පරාජයෙන් පසු මග රැක සිටි පිරිසක් රූකාන්තට පහරදීලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 24, 2019

රියැලිටි පරාජයෙන් පසු මග රැක සිටි පිරිසක් රූකාන්තට පහරදීලා

https://www.gossiplankanews.com/2019/02/rookantha-shot-by-reality-person.html
පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් මේ දිනවල විකාශය වන ගී තරු තේරිමේ තරඟාවලියක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක එම තරග වටයකින් පරාජයට පත්වූ අයෙකු ඇතුළු පිරිසකගේ පහරකෑමකට ලක්ව කිබේ.
ඊයේ (23) රාත්‍රී පැවති තරඟයෙන්

රූකාන්තගේ විවේචනද සහිතව එම තරගකරුට ඉවත්ව යාමට සිදුව තිබෙන අතර එම විනිශ්චය ඔහු ඇතුළු ආධාර කරුවන්ගේ නොසතුටට හේතුවී ඇත.

බොරලැස්ගමුව, රත්තනපිටිය ස්ථානයක මෙම තරඟය පවත්වා ඇති අතර රාත්‍රී 9.45ට පමණ එය අවසන්වූ පසු රූකාන්ත එම ස්ථානයෙන් මත්තෙගොඩ පිහිටි තම නිවස බලා යාමට පිටත්ව සිටි අවස්ථාවේ 'තෝ නිසා තමයි මං පැරදුනේ' යයි කියමින්

කෑගසමින් පැමිණි එම තරගකරු තම අධාරකරුවන් පිරිසක් සමග  රූකාන්ත ගුණතිලකට දිගට හරහට පහරදී තිබේ.
මෙම අවස්ථාවේ ඔහුට සහ ඔහුගේ මෝටර් රථයට පහර දි ඇති අතර එයින් ඔහුට තැලුම් සහ සුළු තුවාල සිදුව ඇත.
සිද්ධිය සම්බන්දයෙන් මත්තෙගොඩ පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
පහරකෑමට ලක්වූ රූකාන්ත පසුගියදා එජාප ආසන සංවිධායකයෙකු ලෙසද පත්වීම් ලබා සිටින අයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad