ගායක අමල් පෙරේරාගේ සොයුරු සහ නළු රයන් වෑන් රොයෙන්ගේ සොහොයුරා අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 7, 2019

ගායක අමල් පෙරේරාගේ සොයුරු සහ නළු රයන් වෑන් රොයෙන්ගේ සොහොයුරා අත්අඩංගුවට

ගායක අමල් පෙරේරාගේ සොයුරු සහ නළු රයන් වෑන් රොයෙන්ගේ සොහොයුරා අත්අඩංගුවට
ඩුබායි හිදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගෙන සිටින ගායක අමල් පෙරේරා සහ ටෙලි නාට්‍ය නළුවෙක් වන රයන් වෑන් රොයෙන් ගේ නිවෙස් පරික්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අද (07) කටයුතු කළා. එහිදී අමල් පෙරේරාගේ මහරගම පිහිටි නිවසේ තිබී හිස් කොකේන් කොපු දෙකක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට හැකිවී තිබෙනවා. ඒ අනුව ඔහුගේ නිවසේ සිටි අමල් පෙරේරාගේ සොහොයුරා වන සොහාන් පෙරේරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ටෙලි නාට්‍ය නළුවෙක් වන රයන් වෑන් රොයෙන්ගේ දෙහිවල පිහිටි නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී කුඩා ඩිජිටල් තරාදියක් සහ රහස් පිවිසුමක් සහිත බෑගයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්ව ඇත. ඒ අනුව එම නිවසේ සිටි රයන් වෑන් රොයෙන්ගේ සොහොයුරාද අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් ප්‍රකාශ කර සිටියා,

No comments:

Post a Comment

Post Bottom Ad