පෙම් ඇරයුමට පිටුපෑවැයි පාසල් සිසුවිය පැහැරගෙන; පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු සැකකරුවෝ පස් දෙනෙක් එවේලේම කොටු වෙති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

පෙම් ඇරයුමට පිටුපෑවැයි පාසල් සිසුවිය පැහැරගෙන; පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු සැකකරුවෝ පස් දෙනෙක් එවේලේම කොටු වෙති


Loading...

 උපකාරක පංතියකට යෑම සඳහා බස් නැවතුම්පොළක රැඳී සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක බලහත්කාරයෙන් ත‍්‍රිරෝද රථයක නංවාගෙන පැහැරගෙන ගොස් නිවසක රඳවාගෙන සිටියදී පැයක් යෑමටත් පෙර ඇයව නිරුපද්‍රිතව මුදා ගැනීමට අරණායක පොලිසිය සමත්ව ඇත.
සිද්ධියට සම්බන්ධ බව කියන තරුණයින් දෙදෙනා හා ඔහුන්ට අනුබල දුන් තවත් තරුණයින් තිදෙනකු ද සමග එම අවස්ථාවේදීම පොලිස් දැලට හසුකරගෙන ඇත.
දෙබත්ගම පල්ලේබාගේ පදිංචි බව කියන පැහැරගැනීමට ලක්වූ සිසුවිය ප‍්‍රදේශයේ පාසලක දොළොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර 17 වැනිදා උදෑසන කෑගල්ල නගරයේ උපකාරක පංතියකට යෑම සඳහා ගැවිලිපිටිය නගරයේ බස්නැවතුමක රැුදී සිටියදී මෙම පැහැරගැනීම සිදුවී ඇති අතර ඇයව ත‍්‍රීරෝද රථයේ නංවාගත් තරුණයින් දෙදෙනා දෙබත්ගම පල්ලේගම ප‍්‍රදේශයේ මිතුරකුගේ නිවසට රැගෙන ගොස් සිටියදී ඇය විසින් සිය දුරකථනයෙන් කෙටි පණිවිඩයක් හරහා සිද්ධිය පිළිබඳව මවට දැනුම් දී ඇති අතර ඒ වහාම ඇය අරණායක පොලිසිය වෙත ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලිකර ඇත. මේ අනුව වහාම ක‍්‍රියාත්මක වූ අරණායක පොලිස්
ස්ථානාධිපතිවරයා ඇතළු නිළධාරින් පිරිසක් ඇයව රඳවා සිටි නිවස වටලා එම තරුණයින් දෙදෙනා සහ ඔවුන්ට අනුබල දුන් බව කියන පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තරුණයින් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇත. පාසල් සිසුවිය පැහැරගෙන යෑමට මුල් වූ තරුණයා එම සිසුවිය සමග පෙම් සබැඳියාවක් ඇතිකර ගැනීමට උස්සාහ දරා ඇතත් ඇය එය ප‍්‍රතික්ෂේප කිරීම නිසා මෙලෙස බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බවද මේ සම්බන්ධයෙන් පැවැත්වූ පොලිස් විමර්ශනයේදී අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් පස්දෙනා මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඉදිරිපත්කරන ලදුව ඇප මත මුදාහැර ඇත.
අරණායක පොලිස් ස්ථානධිපති පොලිස් පරීක්ෂක ආර්. කේ. නන්දන කුමාර සහ ළමා හා කාන්තා කාර්යංශයේ
ස්ථානාධිපතිනි කා. පො. සැ. 3967 අධිකාරී යන මහත්ම මහත්මීන් ඇතුළු පොලිස් නිළධාරීන් පිරිසක් විසින් මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුකළ අතර අරණායක පොලිසියේ අධිකරණ කටයුතු භාර පොලිස් සැරයන් 28671 කොඩිතුවක්කු මහතා විසින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad