දකුණු අප‍්‍රිකානු සංචාරයට ගිය බහුතරයකට ලෝක කුසලාන වරම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

දකුණු අප‍්‍රිකානු සංචාරයට ගිය බහුතරයකට ලෝක කුසලාන වරම්


Loading...

දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට ඉතාමත්ම තීරණාත්මක වන අතර එම තරගාවලියේදී දක්ෂතා දක්වන ක‍්‍රීඩකයන් බහුතරයක් එළැඹෙන ලෝක කුසලාන සංචිතය සඳහා තෝරා ගැනීමට නියමිතය.
ලෝක කුසලාන සංචිතය ලබන අපේ‍්‍රල් මස මැද භාගය වන විට නම් කිරීමට නියමිත අතර ඊට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇති අවසන් එක්දින තරගාවලියද මෙය වේ. ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ‘දිවයින’ කළ විමසීමකදීද පවසා සිටියේ ‘ලෝක කුසලාන සඳහා කණ්ඩායම නම් කිරීමට දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරග පහේදී සියලූම ක‍්‍රීඩකයන්ට අවස්ථාව දෙනවා. ඊට පසු අපිට ජාත්‍යන්තර තරගාවලියක් නැහැ.’ යනුවෙනි.
දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරග පහ එකම 11 දෙනා වෙනුවට සෑම ක‍්‍රීඩකයකුටම අවස්ථාව ලබාදෙනු ලබන්නේ දැනටමත් ලෝක කුසලාන සඳහා වැට උඩ සිටින ක‍්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීම මගිනි. ‘‘දැනටමත් අපි කවුද ලෝක කුසලාන ක‍්‍රීඩා කරන්නෙ කියලා කිහිප දෙනෙකු නම් කරලා තියෙනවා. ඊට අමතරව තමයි අනිත් ක‍්‍රීඩකයන්ව බලන්න ඕන. නවකයන්ද ගොඩක් කණ්ඩායමේ ඉන්නවා.’ යැයි තේරීම් කමිටු සභාපතිවරයා පවසයි.
දකුණු අප‍්‍රිකානු සංචාරයට සහභාගි වූ 17 දෙනකුගෙන් සමන්විත සංචිතයට අමතරව ලෝක කුසලාන සඳහා කණ්ඩායමට ඇතුළත්විය යුතු ක‍්‍රීඩකයන් දෙදෙනකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ශ‍්‍රී ලංකාවේ රැුදී සිටියි. ඇන්ජලෝ මැතිව්ස්ට සම්පූර්ණ සුවය ලබාදී ලෝක කුසලාන සංචිතයට එක්කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ස්ථානය අහිමිව සිටින දිනේෂ් චන්දිමාල්ට දේශීය තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වුවහොත් ලෝක කුසලාන සංචිතයට එක්වීමේ අවස්ථාව ඇති බව තේරීම් කමිටුව පවසයි.
මේ අතර කණ්ඩායමේ හටගෙන තිබු අර්බුද දැන් නිරාකරණය වී ඇති බවට කළමණාකාරිත්වය පුර්ණ විශ්වාසය තබා තිබේ. කෙසේ වෙතත් දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී නායක ලසිත් මාලිංග කණ්ඩායම මෙහෙයවන ආකාරය අනූව ලෝක කුසලානයේදීත් ඔහුට නායකත්වය ස්ථිර වේ. යම් හෙයකින් මාලිංග අසාර්ථක වුවහොත් ලෝක කුසලාන තරගාවලියට නව නායකයකු පත්කිරීමේ වැඩි අවස්ථාවක් පවතී.
එක්දින සංචිතයට ඇතුළත්ව නැති සුරංග ලක්මාල්ද ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්කර ගැනීමේ අදහසක් තේරීම් කමිටුව තුළ තිබේ. කෙසෙ වෙතත් අවසන් සංචිතය තේරීම මෙම තරගාවලියෙන් අනතුරුව සිදුකෙරෙන අතර දෙරට අතර පළමු තරගය ලබන තුන්වැනිදා ජොහැන්සබර්ග් හිදී ආරම්භ වේ. හෙට (28 දා* එක්දින තරගයට පෙර දකුණු අපි‍්‍රකානු සභාපතිගේ පිල සමග ශ‍්‍රී ලංකා පුහුණු තරගයට සහභාගි වීමට නියමිතය.
දකුණු අප‍්‍රිකානු සංචාරයට සහභාගි වන ශ‍්‍රී ලංකා එක්දින සංචිතය
ලසිත් මාලිංග (නායක*, අවිශ්ක ප‍්‍රනාන්දු, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල (උපනායක*, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලො පෙරේරා, ඕෂධ ප‍්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප‍්‍රියමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප‍්‍රනාන්දු, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන්.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad