මත්ද්‍රව්‍ය සඳහා රුධිර පරීක්ෂණයකට සුසිල් සූදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 19, 2019

මත්ද්‍රව්‍ය සඳහා රුධිර පරීක්ෂණයකට සුසිල් සූදානම්

මත්ද්‍රව්‍ය සඳහා රුධිර පරීක්ෂණයකට සුසිල් සූදානම්

තමන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි යන්න පිළිබඳව ඕනෑම රුධිර පරීක්ෂණයකට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය. 

ඊයේ (19) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. 

"රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහත්තයා කියලා තිබුණා කෝකේන් බොන ඇමතිවරු ඉන්නවා කියලා. ඒ ලිස්ට්  එක කථානායක දුන්නා කියලත් එතුමා කිව්වා. මේ අනුව හෙට පාර්ලිමේන්තුව තුළ දැඩි ප්‍රශ්ණයක් ඇතිවේවි. නම් අහන නිසා. මම නම් ඕනෑම පරික්ෂණයකට සූදානම්"

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසුවේ මත්ද්‍රව්‍ය භාවිත නොකරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුධිර  පරීක්ෂණයක් කරගැනීමට තමන් ආරාධනා කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad