"මම අංක එකට රට තබාගෙන ක්‍රීඩා කළේ" - නිවේදනයක් නිකුත් කරමින් සනත් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

"මම අංක එකට රට තබාගෙන ක්‍රීඩා කළේ" - නිවේදනයක් නිකුත් කරමින් සනත් කියයි

තමන්ට තරග පාවාදීම් චෝදනා, ඔට්ටු තැබීමේ චෝදනා හෝ අභ්‍යන්තර තොරතරු අවභාවිත කළ බවට චෝදනාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය සඳහන් කරයි.

තමන්ට එරෙහිව ජාතන්තර ක්‍රිකට් කවුන්සිලය ලබාදුන් වසර දෙකක ක්‍රිකට් තහනම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සනත් මේ බව සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ පිළිබඳව පැවැත්වූ විමර්ශවලට අදාළව තම ජංගම දුරකතනය හා සිම්පත ඉල්ලා සිටියත් එය ලබාදීමට ප්‍රමාද වීම හේතුවෙන් තමන්ට මෙම තහනම පනවා ඇති බවත් ජයසූරිය සඳහන් කරයි. කෙසේ වෙතත් තමන් අදාළ තොරතුරු සියල්ලම ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට ලබාදුන් බවත් ජයසූරිය පවසයි.

මේ පිළිබඳව තමන්ට විකල්ප දෙකක් පැවැති බවත් පළමු විකල්පය විභාගයක් කිරීමත් දෙවැනි විකල්පය චෝදනා පිළිගැනීම බවත් ජයසූරිය පවසයි.

කෙසේ වෙතත් විභාගයක් වෙනුවෙන් වැයවන කාලය, මුදල් ඇතුළු අනෙකුත් සියලු කරුණු හේතුවෙන් චෝදනා සඳහා වරද පිළිගැනීමට කටයුතු කළ බවත් ජයසූරිය පවසයි.

තම ක්‍රිකට් ක්‍රීඩා කළ ජීවිතය තුළ අවංකව කටයුතු කළ බවත් තම රට අංක එකට තබාගත් බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරන ප්‍රේක්ෂකයන් හොඳින් දන්වා බවත් ජයසූරිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad