2018දී පාර්ලිමේන්තුවේ වචනයක් කතා නොකළ මන්ත්‍රීවරු 13ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

2018දී පාර්ලිමේන්තුවේ වචනයක් කතා නොකළ මන්ත්‍රීවරු 13ක්

2018දී පාර්ලිමේන්තුවේ වචනයක් කතා නොකළ මන්ත්‍රීවරු 13ක්

ගතවූ 2018 වර්ෂයේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් මන්ත්‍රීවරු 13 දෙනෙක්ම පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කර නොමැත.

Manthri.lk  සිදුකළ විශ්ලේෂණයක්දී මේ බව තහවුරු වී තිබේ. මෙම මන්ත්‍රීවරුන්ගෙන් 12 දෙනෙක්ම ඒක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර ඒක් මන්ත්‍රීවරයෙක් ඒක්සත් ජාතික පක්ෂය නියෝජනය කරයි.

ඒ අනුව ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ සරත් අමුණුගම, ඉන්දික බණ්ඩාරනායක, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අංගජන් රාමනාදන්, ලොහාන් රත්වත්තේ, සිරිපාල ගම්ලත්, ජනක බණ්ඩාර, ආරුමුගන් තොණ්ඩමන්, තේනුක විදානගමගේ, දුලිප් විජේසේකර යන් මනත්‍රීවරුන් මෙසේ පාර්ලිමේන්තුව තුළ කතා කර නොමැත.

ඒක්සත් ජාතික පක්ෂයේ වසන්ත සේනානායක මහතාද 2018 වසරේදී පාර්ලිමේන්තුවේ අදහස් දක්වා නොමැත. 2018 වසරේදී පාර්ලිමේන්තු දින 77ක් පවත්වා ඇති අතර ඉහත සඳහන් කළ මන්ත්‍රීවරුන්ගෙන් 7 දෙනෙක්ම ඒයින් දින 30කට අඩු ප්‍රමාණයක් පාර්ලිමේන්තු පැමිණ තිබේ. ඒ අතරින් ලක්ෂ්මන් වසන්ත පෙරේරා පාර්ලිමේන්තුව පැවැති දින 77න් පැමිණ ඇත්තේ දින 16ක් පමණි.

2018 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා හැන්සාඩ් දත්ත මත පදනම්ව මෙම විශ්ලේෂණය සිදුකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad