"කොකේන් පාවිච්චි කරන කාන්තාව ගැන මම දන්නේ නෑ - කියපු කෙනාගෙන්ම අහන්න" - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 27, 2019

"කොකේන් පාවිච්චි කරන කාන්තාව ගැන මම දන්නේ නෑ - කියපු කෙනාගෙන්ම අහන්න"

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවට අනුව පාර්ලිමේන්තුවේ සිටින කිසිදු මන්ත්‍රීවරයෙකු කොකේන් භාවිතා නොකරන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) පෙරවරුවේ වැලිසරදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින්.

කොකේන් භාවිතා කරන කාන්තාවක් පිළිබඳව ඊයේ දිනයේ දී රංජන් රාමනායක මහතා විසින් පැවසු බවත් ඒ සම්බන්ධයෙන් දරන මතය ගැන මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, තමා මේ පිළිබඳ කිසිවක් නොදන්නා බවත් කියපු අයගෙන්ම අසා දැනගත යුතු බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad