ලංකාවේ මෙතෙක් සිදුවූ විශාලතම මුදල් මංකොල්ලය බවට සැලකෙන මහ බැංකු වංචාව ගැන සෙවීමට තමන් පත්කළ කොමිසම මගින් එහි වැරදිකරුවන් රටට හෙළි කර ඇති නමුත් ඔවුන්ගේ ආණ්ඩුවක් තිබෙන තුරු ඒ වරදකරුවන්ට දඬුවම් දීමට නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජීවිත ගණනාවක් අහිමි කළ කොළොන්නාවේ කුණු කන්දටත් වැඩි කුණු කන්දක් මහ බැංකු මංකොල්ලය හරහා ආණ්ඩුව ඇඟට දමා ගත් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වීමට කටයුතු කරන ආණ්ඩුවක් නොමැති නම් ඔහු ගෙන්විය නොහැකි බව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් සෙවූ කොමිසම මගින් වෝහාරික විගණනයක් කරන ලෙස නිර්දේශ කර ඇතත් එවැන්නක් තවම ආරම්භ වී නැතැයිද ජනාධිපතිවරයා කීවේය.
රටට ලැබිය යුතු විශාල ආදායමක් දෙපාර්තමේන්තු, ආයතන, සංස්ථා කිහිපයක් විසින් රටට අහිමි කරන බවත් ඒවා රජයටවත් පාලනය කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත්ජනාධිපතිවරයා කීවේය.
එම ආයතනවල සිදුවන දූෂණ අක‍්‍රමිකතා පාලනය කරන්නට යන විට ඔවුන් වෘත්තීය සමිතිවල බලය පෙන්වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ජාතික විගණන කාර්යාලයේදී ඊයේ (27) පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වැනි සංවත්සර උත්සවයට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
වාර්ෂික අයවැය පරතරය පියවීම සඳහා විදේශීය, දේශීය ණය හා රාජ්‍ය බැංකුවල මුදල් සූරාගන්න සිදුව තිබෙන්නේ ආයතන කිහිපයක් විසින් රාජ්‍ය ආදායම් අහිමි කරන නිසා බව ද මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
රටේ එක් කොටසක් අවංකව සේවය කරද්දී තව කොටසක් හොරකම් කිරීම ඛේදවාචකයක් බව කී මෛත‍්‍රීපාල සිරිසේන මහතා වංචා කරන දේශපාලඥයාගෙන් බැහැරව මේ රටේ රාජ්‍ය ආදායම අහිමි කරන ආයතන ගැන කවුරුත් කතා නොකිරීම කණගාටුවට කරුණක් බව ද කීවේය.
Wednesday, February 27, 2019
"වැරදිකරුවන්ගේ ආණ්ඩුවක් තිබෙනතුරු බැඳුම්කර වංචාවට දඬුවම් දෙන්න බෑ" - ජනපති
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment