වේදිකාවල කෑගහලා වැඩක් නෑ-හැකියාව තිබුනත් ජනපති කැබිනට් මණ්ඩලයේදී කිරිපිටි ගැන කතා කළේ නෑ-ඇමති රාජිත - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

වේදිකාවල කෑගහලා වැඩක් නෑ-හැකියාව තිබුනත් ජනපති කැබිනට් මණ්ඩලයේදී කිරිපිටි ගැන කතා කළේ නෑ-ඇමති රාජිත

කිරිපිටි සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නයක් ඇත්නම්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට හැකියාව තිබුණද ජනාධිපතිවරයා එලෙස කටයුතු නොකළ බව සෞඛ්‍යය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

කිරිපිටි සම්බන්ධයෙන් රට තුළ මතුව ඇති ගැටලුව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

වේදිකාවල කෑගසන දේශපාලනඥයන් බහුජාතික
සමාගම්වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග රටට හෙළි කරන ලෙසද පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා

 "කිරිපිටි දේශපාලන විෂයක් නොවෙයි. පෝෂණය පිළිබඳ ප්‍රශ්නයක්. රටට කිරිපිටි ආනයනය කරනවාද, නැද්ද යන්න පිළීබඳ වෙනම තීන්දුවක් ගත යුතුයි. වේදිකාවල සහ මාධ්‍ය හමුවල කයිවාරු ගහන දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිනවා බහුජාතික සමාගම්වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග රටට හෙළි කරන්න කියලා.

කිරිපිටි සම්බන්ධයෙන්ද මාධ්‍ය හමු සහ වේදිකාවල කෑගහලා වැඩක් නැහැ. ජනාධිපතිවරයාට කිරිපිටි ප්‍රශ්නය පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කරන්න තිබුණ. එතුමා එලෙස කටයුතු කළේ නැහැ.'' යැයි පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි ප්‍රමිතියෙන් යුක්තවන අතර ඒවායේ අහිතකර ද්‍රව්‍ය අඩංගු බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වී නැතැයි  සෞඛ්‍ය අමාතතාංශයේ විශේෂ වෛද්‍යවරු මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක දීපිකා සෙනෙවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය .

"සෑම කිරිපිටි වර්ගයක් ම ආනයනය කිරීම් දී අපි පරීක්ෂා කරනවා. ඒ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රෙගුලාසිවලට අනුවයි. කිරි මේදය. හදුනා ගැනීමට විශේෂ ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. සෑම කිරිපිටි පැකට්ටුවකම කිරි මේදය 24 සිට 32 දක්වා වූ පරාසයක තිබිය යුතුයි. වෙනත් මේද එකතු කළහොත් එහි අගය වෙනස් වෙනවා. 2007 වසරේ දී ද නවසීලන්තයන් ආනයනය කරන ලද කිරිපිටිවල එළවලු මේද, සත්ව මේද තිබෙන බවට කළ ප්‍රකාශ හේතුවෙන් 2009 වසරේ දී රෙගුලාසි වෙනස් කළා, අපි විසින් සිදු කළ පරීක්ෂා කිරීම් වලදී කිරිපිටිවල කිරිමේදය අඩු වී තිබුණේ නැහැ. මේ වනවිට කිරිපිටිවල වෙනත් මේදයන් අඩංගු වී නොමැති බව පරීක්ෂණවලින් සනාථ වී තිබෙනවා."

චාමර සම්පත්‍

No comments:

Post a Comment

Post Bottom Ad