නිවසෙන් හොරෙන් පැන ආ ළාබාල යුවළ වැවේ ගිලී මිය ගිහින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

නිවසෙන් හොරෙන් පැන ආ ළාබාල යුවළ වැවේ ගිලී මිය ගිහින්


නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි තරුණ පෙම් යුවළක් එම ප්‍රදේශයේ වැවක දිය නාමින් සිටියදී 18 වැනිදා සවස දියේ ගිලී මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.

මෙසේ මරණයට
පත්ව ඇත්තේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ප්‍රසාද් දර්ශන ප්‍රේමරත්න හා ඔහුගේ පෙම්වතිය බව කියන නාත්තන්ඩිය කහටවිල පොතුවටවන පදිංචිව සිටි 17 හැවිරිදි එම්.ඒ.ඩි. ඉෂාරා නිලක්ෂි නමැති බාලවයස්කාර දැරියකි.

මරණයට පත් දෙදෙනා ඔවුන්ගේ නිවෙස්වලින් රහසින් පැන විත් නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ මරණයට පත් තරුණයාගේ ඥාතියකුගේ නිවසේ පදිංචිව සිටිමින් ගඩොල් කැපීමේ නිරතවූ බව පැවසෙයි.

මරණයට පත් 17 හැවිරිදි දැරිය නිවසින් අතුරුදහන් වී ඇති බව ඇගේ මව්පියන් මාරවිල කොස්වත්ත පොලිසියට පැමිණිලි කර තිබිණි.

මෙම මරණයට පත් දෙදෙනා සවස වැඩ කටයුතු අවසන් වී කැලේ වැවට දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවත් තරුණිය පළමුව වැවේ වළකට වැටීමෙන් පසුව ඇය බේරා ගැනීමට තරුණයා කටයුතු කරමින් සිටියදී දෙදෙනාම දියේ ගිලී මරණයට පත් වන්නට ඇති බවට පොලිසිය සැක කරයි.


-අමරනන්ද විඡේස්කර-

No comments:

Post a Comment

Post Bottom Ad