ජාතික නිදහස් දිනයට විරුද්ධව යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාවයක් සංවිධානය කර තිබෙන බවත් එම විරෝධතාවයට සහය ලබා දෙන බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය.
ඊයේ(01) සී.වී විග්නේෂ්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කලේය.
ජාතික නිදහස් දිනයට විරුද්ධව මෙම විරෝධතාවය සංවිධානය කෙරෙන බව එමගින් පවසයි.
දෙමළ ජනතාව අපේක්ෂා කරන විසඳුම තවමත් නොමැතිවීම සහ දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම වැනි කරුණු මුල් කර ගනිමින් මෙම විරෝධතාවය එදින සංවිධානය වන බවද ඒ මහතා සඳහන් කලේය.
No comments:
Post a Comment