සමරන්නේ නිදහස් උත්සවයද ජාතික උත්සවයද දන්නේ නෑ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 2, 2019

සමරන්නේ නිදහස් උත්සවයද ජාතික උත්සවයද දන්නේ නෑ

සමරන්නේ නිදහස් උත්සවයද ජාතික උත්සවයද දන්නේ නෑ

මෙතෙක් කල් අප නිදහස් උත්සවය කියා සැමරුවත් මෙවර සමරන්නේ නිදහස් උත්සවයද, ජාතික උත්සවයද කියා තමන් තවමත් නොදන්නා බවත් කොහොමත් රටේ නිදහසක් නොමැති නිසා ජාතික උත්සවය කියා නම් කරන්නට ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ  මහතා අද (02දා) මහනුවරදි පැවැසිය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ  මහතා අද (02දා) පෙරවුරවේ මහනුවරට පැමිණ මහනුවර ශ්‍රී ඓතිහාසික දළදා මාළිගාවට ගොස් වැද පුදා මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත් අතර ඉන් පසු මාධ්‍ය වේදින් නැගු ප්‍රස්න  හමුවේ මේ බව සදහන් කළේය.

වත්මන් රජය ඇමැතිකම් වැඩිකරගැනිම සඳහා ජාතික රජයක් සෑදීමට යන බවත් ජනතාව රවටීමකින් තොරව ඇමැතිකම් වැඩිකරගැනිම සඳහා කියා ව්‍යවස්ථාව වෙනස් කරගතු යුතුවුවා නම් හොඳ බවත් ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad