ජනාධිපතිවරණයට ජවිපෙන් අපේක්ෂකයෙක් - විගස පුවත් - Vigasapuwath

Saturday, February 9, 2019

ජනාධිපතිවරණයට ජවිපෙන් අපේක්ෂකයෙක්

ජනාධිපතිවරණයට ජවිපෙන් අපේක්ෂකයෙක්

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට නොහැකි වුවහොත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.

ඊයේ(08) අනුරාධපුරයේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඊලඟ ජනාධිපතිවරණයට කලින් මෙම ජනාධිපති ක්‍රමය ඉවත් කරගැනීමට අරගලයක සිටින බව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා පැවසීය.

ඔහු පැවසූවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම නම් වූ වැඩපිළිවෙල අත්හැර නොමැති බවයි.

යම් විදියකින් එය සිදු කර ගැනීමට නොහැකි වුවහොත් තුන්කොන් සටනක් නිර්මාණය කරන ජනාධිපතිවරණයක් රටේ ගොඩනඟන බවත් ඔහු ප්‍රකාශ කලේය.

තම පක්ෂයේ නායකයෙක් ඒ සඳහා ඉදිරිපත් කර තවත් බලවේග එකතු කරගනිමින් එක්සත් ජාතික පක්ෂයට සේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් සහ එනෙක් ඕනෑම ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුට විරුද්ධව ප්‍රබල අරගලයක් රට තුල නිර්මාණය කර ඉදිරිපත් වෙන ඕනෑම කෙනෙකුට දැවැන්ත අභියෝගයක් වන ආකාරයේ සටනක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *