රත්ගම ඝාතනය : ව්‍යාපාරිකයින්‌‌‌ගේ සිරුරු ගෙනගිය කැබ් රථය අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 25, 2019

රත්ගම ඝාතනය : ව්‍යාපාරිකයින්‌‌‌ගේ සිරුරු ගෙනගිය කැබ් රථය අත්අඩංගුවට

රත්ගම ඝාතනය : ව්‍යාපාරිකයින්‌‌‌ගේ සිරුරු ගෙනගිය කැබ් රථය අත්අඩංගුවට

රත්ගම ප්‍රදේශයේදී තරුණ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන යෑමට හා ඔවුන් ඝාතන කර මළසිරුරු රැගෙන යෑමට භාවිත කළ කැබ් රථය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

වෑන් රථයෙන් පැහැරගෙන ගොස් පසුව මෙම පුද්ගලයන් දෙදෙනා මියගිය පසු කැබ් රථයෙන් ගෙන ගොස් දමා ඇතැයි හෙතෙම පවසා සිටියේය.

අදාළ කැබ් රථය අක්මීමන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් බවත්, ඔහු භාරයේ තිබී කැබ් රථය සොයාගත් බවත්පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම කැබ් රථය පිළිබඳ රසපරීක්‍ෂක වාර්තාවක් කැඳවීමට නියමිතය.

තරුණයන් දෙදෙනා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් පරීක්‍ෂකවරයා විසින් අදාළ ව්‍යාපාරිකයාගෙන් හිතවත්කමක් මතකැබ් රථය ඉල්ලා ගෙන තිබෙන බවට තහවුරු වී ඇත.

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ඝාතනය කර සිරුරු පුලුස්සාදැමූ බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් බාරයේ තිබූ අවි ආයුධ සහිත සේප්පුවට ඊයේ (25) මුද්‍රා තැබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි දකුණු පලාත් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී සී.වී.සිරිමාන්න මහතාගේ අධීක්ෂණය යටතේ එම මුද්‍රාතැබීම සිදු කළ බව දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad