පොලිස් හැසිරීම් වැරදිනම් ඊට එරෙහිව කොමිසමට පැමිණිලි දාන්න වෙබ් අඩවියක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 1, 2019

පොලිස් හැසිරීම් වැරදිනම් ඊට එරෙහිව කොමිසමට පැමිණිලි දාන්න වෙබ් අඩවියක්

පොලිසියට එරෙහි පැමිණිලි පසුගිය සිකුරාදා (25) සිට අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව ජාතික පොලිස් කොමිසමේ සභාපති ජී.එච්. මනතුංග මහතා පැවසීය. යොමු කරන පැමිණිලි සම්බන්ධයෙන් පසු විපරම් කිරීමට  අන්තර්ජාලය ඔස්සේම අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත්  ඒ අනුව ජාතික පොලිස්
කොමිෂමේ නිල වෙබ් අඩවිය

වන http://www.npc.gov.lk/si/ වෙබ් අඩවිය හරහා මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් මනතුංග මහතා පැවසීය.

මහජනතාව පොලිසියට ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධයෙන් ඇතැම් පොලිස් නිලධාරින් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට සහ පැමිණිලි විමර්ශන කටයුතු ප්‍රමාද වන බවට ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව කී ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා වාර්ෂිකව එවැනි පැමිණිලි 500කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බවද පැවසීය. පොලිසියට එරෙහිව පැමිණිලි භාර ගැනීම සඳහා පළාත් මට්ටමින් විශේෂ නියෝජිතයන් පත්කර ඇති බවත් ඒ අනුව එම නිලධාරින්ට සිය පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතාවට හැකියාව ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.


-සුමන උදයන්ත-

No comments:

Post a Comment

Post Bottom Ad