තවත් හොරකමක් ගැන රාජිතගෙන් හෙළිදරව්වක් - විගස පුවත් - Vigasapuwath

Sunday, February 3, 2019

තවත් හොරකමක් ගැන රාජිතගෙන් හෙළිදරව්වක්

තවත් හොරකමක් ගැන රාජිතගෙන් හෙළිදරව්වක්

හම්බන්තොට සහ නුවරඑළියේ නෙදර්ලන්ත ආධාර මත ඉදිකරන නව රෝහල් වල විශාල හොරකමක් සිදුව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

චීන රජයේ සහන ණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් වැඩිදියුණූ කිරීමේ ව්‍යාපෘතිය යටතේ වලස්මුල්ල මූලික රෝහලේ දෙමහල් මාතෘ හා ළදරු ඒකකය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද(03) පෙරවරුවේ සිදු කෙරිණි.

මෙම දෙමහල් ගොඩනැගිල්ල මාතෘ හා ළදරු ඒකකයක්, ප්‍රසව හා නාරිවේද ඒකකයක්, පසු ප්‍රසව හා පෙර ප්‍රසව වාට්ටු සංකීර්ණයක්, ප්‍රසූතිකාගාරයක්, නොමේරු ළදරු ඒකකයකින් සමන්විත වෙයි. 

වසර 02 ක් තුල ඉදිකිරීම් අවසන් කරන අතර, වැය කරන මුදල රුපියල් මිලියන 380 කි. චීන සමාගම විසින් ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබයි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය

“වත්මන් රජය බලයට පත් වූ පසු තමයි නිදහස් සෞඛ්‍ය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක වුනේ. එක්සත් ජාතික පක්ෂ ධනපති රජයක් ලෙස චෝදනා කරනවා. නමුත් නිදහස් සෞඛ්‍ය සේවා ප්‍රතිලාභ එම ධනපති රජයෙන් තමයි ලබාදුන්නේ. මම පක්ෂ ගැන වැඩි තැකීමක් නැහැ. හම්බන්තොට සහ නුවරඑළියේ නෙදර්ලන්ත ආධාර මත ඉදිකරන නව රෝහල් වල විශාල හොරකමක් සිදුව තිබෙනවා. 

ඉදිකිරිම් කටයුතු ආරම්භ කර වසර 04 කට වඩා ගතවුවත් එම රෝහල් දෙක විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. මෙම හොරකම් ගැන කථා කරපුවාම කියනවා පළිගන්නවා කියලා. රෝහල් ඉදිකිරීමට මෙන්ම උපකරණ ගෙනඒමටත් කොමිස් මුදල් ඉල්ලලා. විදේශීය ආයෝජකයින් හූරාගෙන කාලා. ව්‍යාපෘති වනසා තිබෙනවා. 

එම ව්‍යාපෘති යාවත්කාලීන කිරිම හරිම අමාරුයි. අධික මුදලක් හූරාගෙන කාලා. අපි මේ ගැන සොයාබලා විධිමත් පියවර ගෙන තිබෙනවා. අපේ රජය පටන්ගත් ඇතැම් රෝහල්වල සංවර්ධන ව්‍යාපෘති මේ වන විට විවෘත කර තිබෙනවා. නමුත් හම්බන්තොට සහ නුවරඑළිය රෝහල් විවෘත කිරිමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. ප්‍රශ්න විසදීමට සාකච්ඡා ගණනාවක් තිබුනා. 

මහා විනාශයක් සිදු කර තිබෙන්නේ. පසුගිය රජය සෞඛ්‍ය ගැන නොවෙයි වෙන දේවල් ගැන තමයි බලලා තිබෙන්නේ. එම ව්‍යාපෘතිය යටතේ ලබාදීමට නියමිත වූ උපකරණවලට ශල්‍ය වෛද්‍යවරුන් විරුද්ධත්වය පළ කළා. හේතුව පැරණි උපකරණ ගෙන්වා අලුත් උපකරණ ලෙස පෙන්වා මුදල් ලබාගැනීමට උත්සාහ කර තිබෙනවා. මම වෛද්‍යවරයෙක්. 

එම නිසා උපකරණ ගැන දන්නවා. එවැනි පැරණි උපකරණ වලට එකඟවන්න මටත් බැහැ. කොමිස් මුදල් ගත්ත පුද්ගලයින් සමග ප්‍රශ්නය විසදා ගන්න කිවුවා. නමුත් ආයෝජකයා නවීන උපකරණ ලබාදීමට වර්තමානයේ පොරොන්දු වී තිබෙනවා. පිළිකා රෝගීන් සදහා අවශ්‍ය ලීනියර් අක්සලේටර් යන්ත්‍ර ජාවාරමත් ඒවගෙයි. පැරණි උපකරණ නවීන උපකරණ ලෙස පෙන්වා.

 මුදල් ලබාගෙන තිබෙනවා. එම උපකරණ පරීක්ෂා කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපිකරුවෙක්. විශේෂඥ වෛද්‍යවරුන් එම උපකරණ පරීක්ෂා කළ යුතුයි. මෙවැනි තත්ත්වයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබුනේ. මෙවැනි දුෂණ වංචා පිළිබදව ඕනෑ තරම් තොරතුරු කියන්න පුළුවන්. විනෝදසමය වගේ ඔබලාටත් හිනා වෙවි අහගෙන ඉන්න පුළුවන්. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා ඖෂධ හිඟයි කියලා. දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් නිසා තමයි මෙම තත්ත්වය නිර්මාණය වුනේ. ඊට පෙර ඖෂධ හිඟයක් තිබුනේ නැහැ. ඖෂධ මාෆියාවේ සල්ලි වලට කෑගහන අය තමයි චෝදනා කරන්නේ. මහාචාර්ය සේනක බිබිලේ මහතාටත් ඔය ටික සිදු වුනා. මම බලපෑම් වලට යටත් වන්නේ නැහැ. 

සමහර වෛද්‍යවරුන් අපේ වැඩපිළිවෙලට කැමැතියි. නමුත් සමහරු අකමැතියි. 2019 වසරේ දී පවුලේ වෛද්‍යවරයා සංකල්පය ඉදිරිපත් කරනවා. පුද්ගලයින් 10,000 කට එක් වෛද්‍යවරයෙකු පත් කර රෝග වැළදීමට ප්‍රථම ජනතාව බේරා ගැනීමට කටයුතු කරනවා.”

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *