නිදහස වෙනුවෙන් සිරකරුවන් 545කට ජනාධිපති සමාව - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 3, 2019

නිදහස වෙනුවෙන් සිරකරුවන් 545කට ජනාධිපති සමාව

නිදහස වෙනුවෙන් සිරකරුවන් 545කට ජනාධිපති සමාව

71 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව සිරකරුවන් 545 කට ජනාධිපති සමාව යටතේ හෙට (04) දිනයේ නිදහස ලබා දීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටි පිරිසකට මෙලෙස නිදහස හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.

කෙසේවෙතත් ඉන් 27 දෙනෙකු වෙනත් නඩු සඳහා නැවත බන්ධනාගාර ගතවීමට නියමිත බව ඔහු සඳහන් කළේය. 

ඒ අනුව දිවයිනම ආවරණය වන පරිදි සිරකරුවන් 518 කට ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad