මධූෂ් සමඟ කොටු වූ 'ජංඟා'ගේ නිවසින් උණ්ඩ සහ යුද හමුදා නිල ඇඳුම් හමු වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 8, 2019

මධූෂ් සමඟ කොටු වූ 'ජංඟා'ගේ නිවසින් උණ්ඩ සහ යුද හමුදා නිල ඇඳුම් හමු වෙයි

මධූෂ් සමඟ කොටු වූ 'ජංඟා'ගේ නිවසින් උණ්ඩ සහ යුද හමුදා නිල ඇඳුම් හමු වෙයි

ඩුබායි අත්අඩංගුවේ පසුවන අවිශ්ක කවිශාන් නොහොත් “ජංගා“ නැමැත්තාගේ මාතර, ගන්දර ප්‍රදේශයේ  පිහිටි සිය පියාගේ නිවස පොලීසිය විසින් විශේෂ පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී එම නිවස තුළ තිබී ටී-56 ජීව උණ්ඩ 32ක්, සරඹ පතුරොම් 11ක්, පතුරොම් හිස් කොපු 37 සොයා ගෙන ඇති අතර ඔහුගේ පියාගේ සොහොයුරාද අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය පැවසීය. 

මේ අතර එම නිවස තුළ තිබී යුද හමුදා ඇඳුම් කට්ටල 09ක්, “කැමා“ අඳුම් 3ක් සහ හමුදා හිස් ආවරණ 03ක්, හුමුදා නිල ඇඳුම් සඳහා භාවිතා කරන බෙල්ට් 02 ක් පොලීය විසින් සොය ගෙන තිබේ.

ඊයේ (07) රත්‍රීයේ මාතර පොලිස් කාර්යාංශය මඟින් සිදු කළ විශේෂ සොදිසි මෙහෙයුමකදී මෙම යුද හමුදා ඇඳුම් තොගය හා පතොරොම් තොගය අත්අඩංගුවට ගෙන ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad