Loading...
බැංකු කාඩ්පත් උපයෝගී කර ගනිමින් මුදල් වංචා කිරීම වැළැක්වීම සඳහා පියවර රැසක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව මෙරට රාජ්‍ය හා පුද්ගලික සෑම ගනදෙණුකරුවකුටම නවීන තාක්ෂණය සහිත බැංකු කාඩ් පතක් නිකුත් කරන්නැයි දැනුම් දී ඇති බවද මහ බැංකුව පවසයි.
නව බැංකු කාඩ් මගින් මුදල් වංචා කිරීම ඉතා අපහසු වන ආරක්ෂණ ක්‍රමවේදයන් උපයෝගි කරමින් සකස් කර ඇතැයි ද මහ බැංකුව කියා සිටී.
තම බැංකු කාඩ්පත විද්‍යුත් චිපයක් සහිත එකක් නොවේ නම් වහා අදාල බැංකුවට ගොස් එය යාවත්කාලීන කර ගන්නා ලෙසද මහ බැංකුව දන්වයි.
එමෙන්ම මහ බැංකුව ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ගණුදෙනු කරන සෑම ගනුදෙනුවක්ම තමන්ගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් මාර්ගයෙන් ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසයි.
මෑතකදී බැංකු කාඩ් මගින් සිදුවන මූල්‍ය වංචා ඉහළ යාම නිසා මෙම පියවර ගත් බවද මහ බැංකුව කියා සිටී.
-lankacnews
No comments:
Post a Comment