රේගුව ඇන හිටින්න මාතර දේශපාලඥයෙක් සම්බන්ධ බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පවසයි .
අද (3) මාතර වැලිගමදි පැවති පොදුජන පෙරමුණේ වැලිගම කාන්ත බලමණ්ඩල ජනහමුව අමතමින් හෙතෙම මේ බව පැවසිය .
එහිදි අදහස් පළකල මන්ති‍්‍රවරයා ,
‘‘අද දවසේ දේශපාලනය ගිනියමි වෙලා තියෙන්නේ කාන්තාවක් මුල්කොටගෙන , මේ නිසා සමස්ථ ආර්ථිකය පැය 72 ක් එක්තැන් වෙලා තියෙනවා . ඒ කාන්තාව රේගු අධ්‍යක්ෂක ජෙනරාල් විදියට කටයුතු කරපු චාල්ස් මැතිණිය . ඇය දමිළ ජාතික හොඳ පිට කොන්දක් තියෙන අවංක නිලධාරිනියක් .
අපි හැමදෙනාම දන්නවා එතුමිය ඉවත් කරලා ඇතිවෙලා තියෙන තත්ත්වය . මෙතන දේ ශපාලන ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා . ඇයි මේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමිය අයින් කරන්නේ . අපේ අවාසනාවට මාතර දිස්ති‍්‍රකයේ දේශපාලඥයෙක් ඒ තින්දුව ගන්නේ . ඒ දේශපාලඥයා කවුද කියලා කවුරුත් දන්නවා , කාන්තාවන්ට අසිමිතව ආදරය කරන කෙනෙක් . ඉවත් කරපු එක නෙමෙයි ප‍්‍ර ශ්නය ඉවත් කරන්න හේතුවයි .
මේ ආණ්ඩුව වසර 4 ක කාලය තුල රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙරාල්වරු පස් දෙනෙක් ඉවත් කරලා තියෙනවා . හොරකමට එරෙහි වෙනකොට ඉවත් කරනවා .
ආදායම බැහැලා තමයි හැබැයි චාල්ස් මැතිණිය නිසා නෙමෙයි මේ රටේ ඔබට මට උහුල ගන්න බැරි තරමේ බදු කන්දරාවක් ගහලා තියෙනවා . ගෙදර දන්තාලේප එක ඉවර වුනාම විසි කරන් නැනේ , කරකවලා අබරලා ගන්නවනේ , අන්න ඒ වගේ මේ ආණ්ඩුවත් බදුග හන්නෙ එහෙමයි . මිරිකලා මිරිකලා ගන්න පුළුවන් අන්තිම ටිකත් ගන්නවා . ඉතින් ඒ නිසා ව්‍යාපාරිකයන් ආයෝජනය කරන්නෙ නැහැ . යැයි අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය .
No comments:
Post a Comment