තෙල් මිල අද රෑ අඩු වෙයිද-වැඩි වෙයිද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 10, 2019

තෙල් මිල අද රෑ අඩු වෙයිද-වැඩි වෙයිද?

මිල සූත්‍රයට අනුව අද (11) රාත්‍රියේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන්
කරයි.  ඉන්ධන
මිල සූත්‍රයට අනුව  සෑම මසකම 10 වැනි දින මිල සංශෝධනයක් සිදු කෙරෙන නමුත්, ඊයේ (10) ඉරිදා දිනයක් වූ හෙයින් මිල සංශෝධනය අදට (11) කල්  දැමුණු බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර ලෝක වෙළෙඳපොළේ මේ දිනවල බොර තෙල් මිල තරමක් ඉහළ ගොස් තිබෙන බව ද වාර්තා වේ.
මෙ අනුව ඇතැමුන් දක්වා ඇති අදහස නම් තෙල් මිල වැඩිවනු ඇති බවයි.
කෙසේ වෙතත් දේශපාලනය හෝ වෙනත් කාරණා මත මෙම තීරණය වෙනස්වේදැයි පැහැදිලි නැත.

No comments:

Post a Comment

Post Bottom Ad