තමා මෙලෙවට බිහි කලාට එරෙහිව පුතා අම්මටයි තාත්තටයි නඩු දාලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 10, 2019

තමා මෙලෙවට බිහි කලාට එරෙහිව පුතා අම්මටයි තාත්තටයි නඩු දාලා

සිය අනුමැතියෙන් තොරව තමා මෙලොවට බිහිකිරීමට එරෙහිව ඉන්දියානුවකු සිය මවට හා පියාට විරුද්ධව නඩු පවරා ඇත.



මෙලෙස නඩු පවරා ඇත්තේ මුම්බායිහි ව්‍යාපාරිකයකු වන රෆායෙල් සැමුවෙල් නමැත්තාය. මොහු 27 හැවිරිදි පුද්ගලයෙකි.

කෙසේ නමුත් තමාට තම මව සහ පියා සමග පෞද්ගලික තරහක් හෝ වෛරයක් නැති බවද හෙතෙම කියයි.

අපි මෙලොවට බිහිවුණේ අපේ කැමැත්තෙන් නොවේ .ඒ නිසා අපිට ජීවත්වීම උදෙසා යම් වන්දියක් හෝ ලැබිය යුතුයැයි රෆායෙල් සැමුවෙල් කියයි.

සැමුවෙල්ගේ මවුපියෝ නීතිඥයෝ වෙති.


ඔහුගේ මව වන කවිතා සැමුවෙල් නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරන්නේ තම දෙමාපියන්ට එරෙහිව නඩු පැවරීම සඳහා සිය පුතා ගත් සාහසික තීරණය අගය කරන බවයි. කෙසේ නමුත් ඔහු මෙලොවට බිහිකරනු ලැබුවේ දරුවාගේ කැමැත්තකින් තොරව බව තමා පිළිගන්නා බවද ඇය කියයි. මේ නඩු පැවරීම ගැන බොහෝ විවේචනද එල්ලවී ඇත.

-චතුර පමුණුව-

No comments:

Post a Comment

Post Bottom Ad