වෑන් රියක් එනතුරු මඟ සිටි හන්ගේරියානු තරුණියක් වෑන් රිය තුළදී අපයෝජනය කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

වෑන් රියක් එනතුරු මඟ සිටි හන්ගේරියානු තරුණියක් වෑන් රිය තුළදී අපයෝජනය කරලා

වෑන් රථ රියැදුරකු විසින් හන්ගේරියානු ජාතික කාන්තාවකට කළ ලිංගික අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකාර වෑන් රථ රියැදුරා අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව පොලිසිය මඟින් පරීක්ෂණයක් ආරම්භ කොට ඇත. වෑන් රථ රියැදුරකු තිස්එක් හැවිරිදි වියේ පසු වූ මේ
හන්ගේරියානු තරුණිය සිය වෑන් රථයේ දමාගෙන ගොස් ‍දොඩන්දූව පාලම මතදී වෑන් රථය තුළදී ඊයේ (19දා) අලුයම අපයෝජනයට ලක්කොට ඇත. මේ හන්ගේරියානු ජාතික තරුණිය දෙසැම්බර් 25 වැනි දින මෙරටට පැමිණ තිබේ.

ඇය මිරිස්ස ප්‍රදේශයේ හෝටලයක ලැගුම්ගෙන සිට ඇති අතර ඉකුත් 18 වැනි දින
හික්කඩුව නගරයේ පිහිටි හෝටලයකට පැමිණ ලැගුම් ගෙන තිබේ. මෙකී තරුණියගේ පෙම්වතා ඊයේ (19දා) දින මෙරටට පැමිණීමට නියමිතව සිට ඇති අතර පෙම්වතා රැගෙන ඒම සඳහා ඇය කුලී වෑන් රථයක් වෙන් කරවාගෙන ඇත. ඊයේ (19දා) අලුයම ඇය වෑන් රථය එනතෙක් හික්කඩුව නගරයේ පෞද්ගලික බැංකුවක් අසල සිටියදී වෑන් රථයක් පැමිණ ඇය සිටි ස්ථානයේ නතර කොට තිබේ. තමන් විසින් වෙන් කරගත් වෑන් රථය බව සිතූ විදේශීය තරුණිය ඒ පිළිබඳව වෑන් රියැදුරුගෙන් අසා තිබේ.

වෑන් රථ රියැදුරු එම වෑන් රථය බව විදේශීය තරුණියට පවසා තිබේ. ඒ සමඟ තරුණිය වෑන් රථයට ගොඩ වී තිබේ. වෑන් රථ රියැදුරු විසින් ඇය වෑන් රථයේ දමාගෙන ගොස් ‍දොඩන්දූව පාලම මතදී වෑන් රථය තුළ තබාගෙන අපයෝජනයට ලක්කොට ඇති බැව් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. පසුව වෑන් රථ රියැදුරු විසින් මෙකී තරුණිය වෑන් රථයෙන් බස්සවා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් තරුණිය හික්කඩුව පොලිසියට පැමිණිලි කොට ඇත. පොලිසිය විසින් ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට කටයුතු කර තිබිණි. සීසීටීවී දර්ශන මඟින් සැකකාර වෑන් රථ රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.


-රසික සෙනවිරත්න-

No comments:

Post a Comment

Post Bottom Ad