ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතාට පහරදී මෝටර් රථයට හානි කළ බවට සැකකරන පුද්ගලයකු අද(25) අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය විල්වාසලවත්ත දෙවැනි පටුමග පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකි.
දිවුලපිටිය පොලිස් වසමේ කළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් සංවිධානය කළ වැඩසටහනක විනිශ්චය මණ්ඩලයට සහභාගී වූ රූකාන්ත ගුණතිලක මහතාට පෙරේදා (23) රාත්‍රියේ පැවති තරගයෙන් ඉවත් වූ තරගකරුවකුගේ ආධාරකරුවන් පිරිසක් පහර දී, ඔහුගේ මෝටර් රථයටද හානි කර තිබිණි.
සැකකරු ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
No comments:
Post a Comment